ගඟක් වේ නම් ගලා ගෙන යන
සයුර නුඹ වෙයි
නමක් නොඅසන
සඳක් වේ නම් රැයේ සුපිපෙන
අහස නුඹ වෙයි
රැයම නොපතන
මලක් වේ නම් සුවඳ විහිදෙන
සුළඟ නුඹ වෙයි
පාට නොසොයන
මට මාව වෙන්නටම ඉඩ හැර
ලෝකයම නුඹ වෙයි
ආදරේ මායිමක් නොමැතිව

Comments

  1. ලස්සනයි මේ කවිය...

    ReplyDelete
  2. හොඳයි හොඳයි පෙම් කවි ලියන්න පටන් අරන් වගේ ලඟදි ඉඳලා. අහේතු කාලේන........
    මැණික්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පුත