Posts

ගෝලීයකරණයවීම

ඉස්සර ස්වයoපෝෂිත වෙච්ච මගේ හිත නුඹ වටේ ගෝලියකරණය වුනාට පස්සේ ලොකු ගාණක් දිලා නුඹේ ආදරේ Import කරනකොට කුණුකොල්ලයට හැමදාම මම ආදරේ Export කරනවා

එකම තියරිය

හැමදාම කට පාඩම් කරපු එකම තියරියක් විතරයි උඹේ ආදරේ.... ප්‍රායෝගිකව කිසිදාක වලoගු නැති වූ

අලියා සහ කුඹියා

අලි කකුලකට පෑගෙන්න ගිය විප්ලවකාරි කුඹියෙක් ........... අලියාට වෙඩි තබයි ..! අලි කුලප්පුවෙයි කුඹි අතුරුදහන්වෙයි

විශාකා මියැදෙති

අන්ධකාරයේ වෙලී සෙවනැලිත් ඉකිබිඳි වසන්තේ මල්හැලී තුරු ලියත් බැන වදී අනෝරා වැහී වැටී දෙපතුලුත් හිරි වැටී දිව නොගොස් මහවැ ටී   හති දමයි මඟ වැ ටී ඉදුනු නරකෙස් පෙනි කැඩපතත් වියරු වී හීනෙනුත් බිය වැදී විශාකා මියැදෙති

ඉතින් අවසර....

පවන් රැල් වැද සැලී මල් පෙති හොරෙන් ඇහැරෙන වේලාවේ... නිවී දැල්වී දිලී තරු කැට ගුවන විසිරුන සැඳැවේ... වළා පට බිඳ එබී හෙමිහිට සඳක් හිනැහෙන වේලාවේ.. ඉතින් අවසර යන්න පෙර මඟ ජීවිතේ මo තලාවේ...

ජීවත් වෙන්න බිය නොවන්න

රස්සාවක් නැතිවුනාට අතට කාසි හිඟ වුනාට කරන්න වැඩ නැතිවුනාට අපි බදිමු මම රේඩියෝ අහන්නම් ඔයා tv බලන්න පොස්කාඩ් යවලා යවලා ගේ ඉස්සරහා බෝඩ් ගහලා අපි ලක්ෂයක් දිනමු ඊට පස්සේ බලුප් දාලා වැලුත් ඇදලා දේවාලයක් දාමු ඔයා කපුවා මට පුලුවන් මායම් දාන්න අපි දෙන්න එකතු වෙලා දුක විකුණමු සල්ලි වලට එහෙම බැරි වුනොත් අපි පන්සලක් දාමු චීවරයක් පොරවාගෙන පිළිමේකුත් තනවාගෙන කෙල්ලෝ කොල්ලෝ වශී කරමු හදි හූනියම් කරමු දහම්ත් modify කර ලා පින් කැට ටික වැඩිකරලා සාසනේම විකුණාගෙන අපි දෙන්නා ජීවත් වෙමු

උපමා කුමට..?

Image