නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
මේ වගේම අපි සොයා යන්නේ සැබෑ අරටුවක්ද?
ReplyDeleteනියමයි අදහස...
හ්ම්...අපි කරන ගොඩාක් ඒවා ඒ වගේ තමා...
ReplyDeleteහති වැටුණත් කමක් නෑ...කොහොමහරි අන්තිමට කෙසෙල්ගහට අරටුවක් නෑ කියලා තේරුණානම් එච්චරයි...
සමහර විට අපි හොයන අරටුව හොයාගන්න ඒකම උදව්වක් වෙන්නත් පුළුවන්..
ජයවේවා!!!
අන්තිමට අපි ලග තිබුන දේ වත් නැහැ හැරිලා බලනකොට
ReplyDeleteලස්සන අර්තවත් පදපෙලක්.....
ReplyDelete