නිහඬ ගහ කොල
සුසුම් හෙලුවා
වියරු වි මහ සුළඟ හැමුවා
සුවඳ මල් පෙති පරව වැටුනා
ලොවම සැනෙකින්
අඳුරේ ගිලුනා

සුමුදු සුරතල් වදන් ගොළු විය
අදින් පසු යළි හෙටක් නැති විය
හද තුලින් ඉකි බිඳුම් මතු විය
ජීවිතේ අනියත පසක් විය

Comments

  1. ස්ථිර එකම දෙය අස්ථිරබවම නොවන්නේද?

    ReplyDelete
  2. අපි මෙච්චර අස්තීර දෙවල් වලට බැදිලා ඉන්නේ ඇයි කියලා හිතාගන්න බෑ

    ReplyDelete

Post a Comment