Posts

ඈත නිල් අහස

අර පේන කළු වළාකුල සුදු වළාකුල සිදුරුකර බලාපන් හෙමිහිට ඈත  හිස්ම හිස් ඉමක් නැති නිල් අහස

බිය

Image

සිහින මියයාම

පාන්දර වෙනකොට හිරු ඇහැර හනිකට තට්ටු කරමින් කවුළුව ළඟ විරිත්තනවා හොඳටම දෑස් නෑරම නිදිබර හිදිත් සයනය මත සියත් කැළ නද කර කුමට ඔතරම්ම ඔච්චම තප්පරෙන් තප්පර ගෙවෙනකොට කාලය ඔරලෝසු කටු උලෙන් තද කොට අනිනවා මේ පපුව මැද්දට දුටු සිහින සියල්ලම එක්කොට ඇන තබා ඉන්නවා තොටුපොල ලඟ ඔරු පාරු කිසිවක් ද නොයෙනවිට සරණෙට කඳුළු වැල් ඉහිරිලා ඇඬෙනවා එතකොට

ඉන්දියන් ලුනු

ගිනි රස්නෙට පිච්චීගෙන මහ වැස්ස්ට කුණු වීගෙන කරගහගෙන රෑ ජාමේට අරන් ගියපු ලූනු සැරට උනපු කඳුළු  හූරාගෙන සොච්චමකට යවාපන්  හංගලා තඩිම තඩි ලුනු ගෙඩිවල ගැහෙන රතු ලේ තවරලා

සැඟවීම

උදා හි රු  ද  රවා බැස ගිය පසු කලකින් පැමිණෙන  පුර හඳට පෙම් බදිමින්  තවත් සැගවෙන්නද ගැහී ගැහී පණ අදින  හුදෙකලා  තරුවක

වාලෙට ගෙවෙන ජීවිත

දනව්වේ වැව් කන්ද පාමුල ගී ගයන රැහැයියන් තාලෙට ගෙවෙනකොට ජීවිතේ වාලෙට චන්දරේ අපි පියාඹන්නේ කෝම අහසට බත් පිළි ගෙනෙමි යැයි හනිකට උදේ හිරැ උඹ අරන් යනකොට කොට බිත්ති අත තබා වාරැවට තොටිල්ලත් පැදවේවි තාලෙට හාමතේ පොඩි එකි අඬනකොට දවසෙම සිටින්නේ කොහොමදෝ වාවාන දුකහෙම ගෙයි කුසම ශරීරේ වැහැරිලා සේරම ලේ කිරිව නොයන්නේ අපි කරපු පවටම සඳ වළා කඩක් විත් කඩුල්ලෙන් පැනගෙන අඳුර ගෙට එන වෙලේ නුඹ පමාවනු කිම සොච්චමට පිච්චියක් පිටි සිනි අරගෙන චන්දරේ එනවාද සිත නදන් නොමකර කිරිහැරත් උයාගෙන ගිහින් උඩමලුවට වැද වැටුනේ සිරිමාවේ බෝ සමිඳු පාමුල පිහිටවන් හිමියනේ රැක ගන්න ඈ පණ හදවතත් සිදුරැ වුනේ එකිගෙම කරැමෙ ට

කියාපන් කුවේනි...

අන්ධකාරේ ඈත පර මලක් තියාගෙන සොහොන් කොත පාමුල රැහැය් හඬ අසාගෙන ඉන්නවද කියාපන් කුවේනි....   ගිනි අරන් කැණි මඩල   අලු වෙච්ච දා හීන   පිළිකන්න දොර ගාව   මිණි මල් පිපුනාද   කියාපන් කුවේනි... මනමේද අතහැර වැදි රජුන් සරණ කොට අසිපතෙන් තී ගෙළම සිඳගෙන දිසාලා අතහැර ගියේ ඇයි දැයි  කියාපන් කුවේනි...     අදර බැති නොමදෙන     රජු ගියා අභිසරු ලියන් වෙත     ඉදිකඩත් පැන ඇවිත් එතකොට     ගල් ගසා රැහේ උන් යනකොට     සරා සඳ පාමුල     වැටී ලේ හලමින්     ඉකිගසා හැඬුවේද     කියාපන් කුවේනි....        දරාගනු නොහැකිව දුක තබා ගුලිකොට    ඒ ලොවින් පැනගෙන දෙව්ලියන් ළඟ හිඳ දිසාලා නළවන්න මිහිරි ගී ගයනවද  කියාපන් කුවේනි...