වාලෙට ගෙවෙන ජීවිත
දනව්වේ වැව් කන්ද පාමුල
ගී ගයන රැහැයියන් තාලෙට
ගෙවෙනකොට ජීවිතේ වාලෙට
චන්දරේ අපි පියාඹන්නේ කෝම අහසට
බත් පිළි ගෙනෙමි යැයි හනිකට
උදේ හිරැ උඹ අරන් යනකොට
කොට බිත්ති අත තබා වාරැවට
තොටිල්ලත් පැදවේවි තාලෙට
හාමතේ පොඩි එකි අඬනකොට දවසෙම
සිටින්නේ කොහොමදෝ වාවාන දුකහෙම
ගෙයි කුසම ශරීරේ වැහැරිලා සේරම
ලේ කිරිව නොයන්නේ අපි කරපු පවටම
සඳ වළා කඩක් විත් කඩුල්ලෙන් පැනගෙන
අඳුර ගෙට එන වෙලේ නුඹ පමාවනු කිම
සොච්චමට පිච්චියක් පිටි සිනි අරගෙන
චන්දරේ එනවාද සිත නදන් නොමකර
කිරිහැරත් උයාගෙන ගිහින් උඩමලුවට
වැද වැටුනේ සිරිමාවේ බෝ සමිඳු පාමුල
පිහිටවන් හිමියනේ රැක ගන්න ඈ පණ
හදවතත් සිදුරැ වුනේ එකිගෙම කරැමෙට
ලස්සන අදහසක්..
ReplyDelete