අව් සැරට පිච්චිලා
පිපාසිත දෙනෙත් යුග
මිරිඟුවක් දකිනවා
මල් නොපිපි ගහකොලත්
වියළිලා වැටෙනවා
ඉරි තැලි මහ පොළව
ඉකි ගසා හඬනවා
අව් සැරට පිච්චිලා
ජිවීතේ දැවෙනවා
මිරිඟුවක් දකිනවා
මල් නොපිපි ගහකොලත්
වියළිලා වැටෙනවා
ඉරි තැලි මහ පොළව
ඉකි ගසා හඬනවා
අව් සැරට පිච්චිලා
ජිවීතේ දැවෙනවා
අව් සැර වියැකේවි
ReplyDeleteසිහිල් වලා මතුවේවි
වැහි පොදක් ඉසිරේවි
ගහ කොළ විකසිතවි
නියඟය දුරුවේවි
කාලය තරණය කර යුතුමැයි
දැවෙන දිවියට සදා සිසිලස ලැබෙිවා
ReplyDeleteඉරිතැලුනු මහ පොළව යලිත් පන ලැබෙිවා
මල් පිපී ගහ කොලද වසන්තේ ගෙනේවා
මිරිගු දිය පහවෙලා පොද වැස්ස වැටෙිවා
මරු කතරකට උනත් අනිවා...පොද වැස්සක් හරි ලැබෙනවාමයි....
ReplyDeleteඉතිං...ඉවසන්න.
හ්ම්ම්..අමුතුයි නේද?
ReplyDeleteආයෙත් කියවන්න ඕන..
කතරටත් කෙම්බිමක් ඇති නම්
ReplyDeleteඅඳුරටත් තරු බිඳක් හිමිනම්
ගෙවුනුදා නියඟයේ සරදම්
වැහි බින්දු විත් මවයි කැටයම්
හ්ම් දැන් නම් පෑවිල්ල එපා වෙලා ඉන්නෙ.වහිනකම් බලාගන
ReplyDeleteදිය පොදක් නැතිව
ReplyDeleteදිව ගිලුනත් ඉවසන්නම්...
වැසි පොදක් නැති කුඹුරු යායෙ
මලානික කහපාට,
දකිනට විට
කෙලෙස නම් වාවම් ද
පිච්චෙනව බඩ පපුව...
අපේ පැත්තටත් නියං කාලේ ඇවිදිල්ලා ..
ReplyDeleteලස්සන පද ටික යාළු
හැමදාම පායන්නයැ... කොයි වෙලේ හරි වැස්සට එන්න වෙනව...
ReplyDelete