මොන මඟුලක්ද.....?
මෙහේ බලන්න
තව හැරෙන්න
තව පොඩ්ඩක් හිනා වෙන්න
බුලත් දෙන්න
දැන් වඳින්න
තව පොඩ්ඩක් ළඟට වෙන්න
4ටෝ එකේ හැඩට ඉන්න
video එක කොලිටි වෙන්න
මගුල් දාට අපි ගහනා
බෙර පදයට ඔබ නටන්න
සිරිත් විරිත් හරි විදියට
කවදාවත් බෑ රකින්න
ලෝකෙට ඕනෑ විදියට
ජීවත් වෙන්නට හිතන්න
තවරාගෙන පාට ජාති
අද හරියටවෙනස් වෙලා
උදේ හවස නුඹ දුටුවත්
අඳුරන්නට නොහැකිවෙලා
කුළ සිරිතට දීග යන්න
4ටෝ ජෙනික් හරස්වෙලා
තව හැරෙන්න
තව පොඩ්ඩක් හිනා වෙන්න
බුලත් දෙන්න
දැන් වඳින්න
තව පොඩ්ඩක් ළඟට වෙන්න
4ටෝ එකේ හැඩට ඉන්න
video එක කොලිටි වෙන්න
මගුල් දාට අපි ගහනා
බෙර පදයට ඔබ නටන්න
සිරිත් විරිත් හරි විදියට
කවදාවත් බෑ රකින්න
ලෝකෙට ඕනෑ විදියට
ජීවත් වෙන්නට හිතන්න
තවරාගෙන පාට ජාති
අද හරියටවෙනස් වෙලා
උදේ හවස නුඹ දුටුවත්
අඳුරන්නට නොහැකිවෙලා
කුළ සිරිතට දීග යන්න
4ටෝ ජෙනික් හරස්වෙලා
මේක දැක්කම වචනයක් නොලියාම බැරි උනා අයේෂා. මගෙ අක්කාගෙ දුවගෙ වෙඩින් එකේදි අපේ මහත්තයා මේ වාගෙ පොටෝ අරගන්න කෙනෙක්ට දොස්කිව්වා. හරිම වදයක් උනා මේ මිනිහා. අඩුම තරමේ පෝරුවේ චාරිත්‍ර කරන්නවත් මෙයා ඉඩදුන්නේ නෑ. හැම තැනම මැද්දට පැනලා හෙන කරදරයක් උනා. මේ අයට තියෙන්නේ පැත්තක ඉදලා එයාලගෙ කාර්‍යය කරන්නයි. අනෙක් අයට ඒ ඒ රාජකාරි කරන්න දීලා. ඇත්තටම ඔයාගේ දවස නම් සුබ පතනවා නංගි ඔයාට.
ReplyDeleteඅන්තිමට ඉතුරු වෙන්නෙ පොටෝ ටික විතරයි ඕකෙන් පස්සෙ. ඒත් ඒ ඔක්කොම රඟපෑම් විතරයි. පහුවෙනිද ඉඳළ තිබුණු ජීවිතේමයි ටිකක් වැඩියෙන් ඔඵවට බර පැටවිලා.
ReplyDeleteඅහා අපිටත් ඕකම වුනා . අපේ මාමණ්ඩි ගෙන් බැනුනුත් ඇහුව ෆොටෝ අන්කල් . හැබැටම පස්සේ නම් පව් කියල හිතුන . ෆොටෝ නරක වුනහමත් අපිමනේ බනින්නේ . හැබැයි ඇල්බම් දෙක හරි ලස්සනට කරලා තිබුන . ඉතින් මගුල්දාට ඔය වගේ කරදර ඉවසන්න ඕනේ . ජීවිතේටම එකයිනේ.
ReplyDeleteඒක නේන්නම් මොන මගුලක්ද මේ? අපූරුයි අයේෂා පබැඳුම.
ReplyDeleteමැණික්
අම්මපා ඖකනං මල මගුලක්ම තමා..... හිනාත් යනවා ඕක බලං ඉද්දි
ReplyDeleteඕවට තමයි... ඇතුවත් බැරි නැතුවත් බැරි කියලා කියන්නේ.
ReplyDeleteකොහොමත් ඉතිං..මගුලක් කියන්නේ...මල මගුලක්ම නේ.
මගුලක් අස්සේ තවත් මගුලක්..අපුරු පද පෙළ..:D
ReplyDeleteනියම ඡායාරූප ශිල්පියා සිද්ධියක් ඡායාරූප ගතකරන්නා මිස ඡායාරූපය සිද්ධියක් බවට පත්කරන්නා නොවේ...
ReplyDeleteමොනවා කරන්නද ෆොටෝ ගහන කෙනා බලන්න කලාත්මක පට්ටම පට්ට ෆොටෝ පාරක් ඇදලා දාන්නයි ..
ReplyDeleteහෙහ් . සමහර ඇන්ටිලා බලෙන්ම ඇවිත් ෆොටෝ එකට පේන්න හිට ගන්නවා එහෙම වෙලාවට ඉතින් ෆොටෝ ගහන කෙනාට සොරිම තමයි ..
අර කීවත් වගේ ෆොටෝ මෑන් අනික් අයට වදයක් නොවෙන්න වැඩේ කරන තරමට හොඳයි
මෙහේ බලන්න........ :D
ReplyDeleteහෙ හෙ.... ඕකට හොඳම විසඳුම තමා හොඳට හඳ පායලා තියෙන දවසක් බලලා පැනලා යන එක. එතකොට ඔය කරදර මොකුත් නෑ. :D
ReplyDelete