නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
නියමයිනෙ.
ReplyDeleteකවියකට වඩා ගීත ආකෘතියකට ගැලපෙනව.
හරිම ලස්සනයි යාලු...
ReplyDeleteකන්න ඕන නෑ බඩ පිරුනා යාළු .....ලස්සනම ලස්සනයි ..
ReplyDeleteජයවේවා !!
ස්තුතියි අදහස් වලට යාළුවනේ
ReplyDelete