නෙතට හුරු කඳුළු

ඉරට හොරෙන්
වළා යටින්...
සඳට හොරෙන්
තරැ අතරින්.....
සීතල වැහි බින්දු මතින්
නෙත කඳුලැලි ඉහිරුනාලු.....
රෑ සිහිනෙන් හෙළන සුසුම්
මද සුළඟට එක් වුනාලු......
මතක දිගේ හැමදාමත්
සෙනෙහස හද තෙත් කලාලු.....
පිබිදි මල් හිනැහෙන විට
හිරු අවරින් සැඟවෙන විට
දස දහසක් සිතුවිලි මැද
හැමදාමත්
සිත සෙව්වේ
නුඹ දුන් සෙනෙහස පමණකි.....
.

Comments

  1. ලස්සනයි යාළු ...!

    මට ලස්සනයි කියලා හිතෙන කවි මම අරං ප්‍රින්ට් කරලා තියාගන්නවා ...මම මේ කවියත් අරං තියාගත්තා ..

    අමනාප නෑ නේද ?

    ReplyDelete
  2. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  3. ලස්සනයි ගොඩක්...

    ReplyDelete
  4. හිත කියෙව්වද?

    ReplyDelete
  5. හරිම ලස්සනයි.

    ReplyDelete
  6. ලස්සනයි! හැමෝම කිව්ව නිසා නෙමෙයි මෙහෙම කියන්නේ. හැඟීම් වචන කරන්න හැමෝටම බෑ. පුලුවන් පුලුවන් උනත් ඒක බොරුවට සංකීර්ණ කරන්න හදනවා ගොඩාක් අය. එහෙම බැලුවම ඔයා නම් නියමයි!!

    ReplyDelete
  7. Blogger හිස් අහස,
    අමනාපයක් නෑ යාළු රසවිදින්න පුලුවන්නම් කොහොමහරි. ස්තුතියි!

    Dinesh,
    ස්තුතියි මල්ලි

    ``` Outsider``` ,
    හ්ම් ඔයාටත් ස්තුතියි යාළු.හැමදාම මේ පැත්තට එනවනේ මගේ කවි බලන්න

    චතුර - නිලංග - දෙවෙනිගුරුගේ ,
    සමහරවෙලාවට හිත කියවන්න පුළුවන්නේ යාළු. ස්තුතියි!

    A Quote world of Dilu!,
    ස්තුතියි සහෝදරි

    මිත්‍යාදෘෂ්ටිකයා,
    හිතට දැනෙනවනම්, විදින්න පුලුවන්නම් මේ කවිය මට සතුටුයි. ස්තුතියි!

    ReplyDelete
  8. වාව්

    කියෙව්වා මමත්
    ඔය හිතට ආ මේ අදහස්
    ඇත්තටම ඔය දේම
    කෙරැවොතින් අපි නිදහස්
    ලියන්නට තව තවත්
    හැකි වේවා බොහො කලක්
    පතන්නම් හදවතින්
    ඔබට ජය පිරි හෙටක්

    චාමරයා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මල්ලි