පුත
ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා