ආද‍රේ තරම

සඳ නැතත් අහසකට
තරු නොදිලි තියේවිද

දුර වුවත් සයුර විත්
වෙරළ සිප නොයාවිද

මද පවන් වල වුවත්
සුවඳ ගුලි නොවේවිද

ආද‍රේ නම් හිතක්
තිතක් වී පෙනේවිද

Comments

  1. ලස්සනයි අක්කෝ.

    කාලෙකින් බ්ලොග් එක පැත්තේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කවුද මේ පොලියානා