34 හැවිරිදි ස්වාමියා හෘදයාභාදයකින් මිය යයි

නිමිත්ත
34 හැවිරිදි ස්වාමියා හෘදයාභාදයකින් මිය යයි.


හිස තියාගෙන ඉතිං
උකුල මැද්දේ උඹ
ජීවිතේ හරි බරයි
නේද මැණිකේ ඇහුව්වම
ඇස් දෙකේ කඳුළු කැට
හංගලා හනිකට
හිනාවෙනවා මං උඹ ළඟම හින්දම

නොක්කාඩුවෙන් මං
ගිහින් හිටියම මුල්ලක
උඹ ඇවිත් ඉඹින්නේ
කිතිකැවෙන මගේ බෙල්ලම
පුතු දකින හැම කෙනෙක්
නුඹ වගෙයි කිව්වම
ආඩම්බරෙන් බලන්නෙම
උඹ මගේ ඇස් දෙක
උලලේනී හඬනකොට
ඊයේ රෑ සද්දෙට
තුරුල් වුනේ මං තදින්
උඹේ පපුව මැද්දට
මා නැති දවස් දෙක තුන වත් ඉන්න බැරී
පුත්ගේ හිනා හඬ නසා ඉන්න බැරී
සසරේ දුකම දැක දැක ඉවසන්න බැරී
නොකියා යන්න හිත හැදුවේ කොහොම හිමි
පායා ඇවිත් හිරු දිලුනත් අකාසේ
අඳුරින් වැසී ඇත මගේ ලොව හැම දවසේ
උණුසුම් පපුව ගල් ගැහුණේ කිම රහසේ
මා හැර දමා ගියේ ඇයි දෝ ස්වාමිණේ

Comments

Popular posts from this blog

කවුද මේ පොලියානා