Posts

පුතුගේ අම්මා

වෑහෙන කඳුළු නෙත් අස්සේ ඔබාගෙන දාහක් බුදුන් වැඳලා හිස නමාගෙන පිහිටක් යදිමි දෙවියනි උඩ බලාගෙන කළකම් ඵලදේද සනුහරේ වේලාගෙන හිමි දහඩිය පුසුඹ දැනිලා ගෙට එන දාට වනයට ගියා දේවිත් ඵල නෙළන්නට මඟ වැරදුනා බෑ ආපහු හැරෙන්නට රාහුල පුතුණි නාඬන් අපි කල පවට   හිමිදිරියේම හිරු අහසේ පායනවා පුතුගේ මුහුණ විස්සෝපෙන් මැලවෙනවා හතේ කෝච්චිය දැන් දැන් ලන් වෙනවා නාඬන් පුතුණි අම්මා අඳුරෙම එනවා ගෙවිලා උපාධිය අත්තම්මා දුන්න යන්නේ කොහිද මල්ලේ පොල් නම් මෙන්න හිමි රජ උනත් බැහැ දුක තනියෙන් ගන්න පුතුනේ ඉතින් නාඬා දැන් ගෙට වෙන්න

මොහොතකට ආයේමත්

දුර ඈත ආකහේ තරුවක්ව දිළිසෙන්න පායලා හිනැහෙන්න මොහොතකට ආයේමත් ඇවිත් ළඟ නවතින්න ඇවිත් ගිය ඉක්මනට හද ගිහින් මහ දුර දන්නේ නෑ නුඹ තව රැඳුනු ඒ සෙනෙහස දෙතොල් මත ඇඳෙන ඒ සිනහවක් වී එන්න විඩාබර සුසුම් පිස සුළඟක්ව දැවටෙන්න හිමි නොවූ වසන්තේ මලක් වී සුපිපෙන්න මොහොතකට ආයේමත් ඇවිත් ළඟ නවතින්න

බිoකුන්ඩෝ බොල බිoකුන්ඩෝ

තැවරිලා සුදුම සුදු හිස් කඩදාසි පිටු උඩ කළු පාට බලි රූප නටයි ඔච්චම් කොට තොටත් මදි මටත් මදි කිරි හැන්ද විසි කොට නටපු අල්ලෙන් බහිමු බිoකුන්ඩෝ විගහට

පටාචාරා වැළපුම

සිටු මහල් ප්‍රසාද දොරකට බoකුවක ඇන තබා තුරුළුකර දෑත් උණුහුමට වැළපෙන්නේය අද පටාචාරාවක්ම ලෙස නිවුනු දර සෑයේද දුමත් නැත  ගොහින් නම් හුඟ දුර ඇසේ දෙසවන තව මියුරු වදනින් තෙපලු අමරස නිළුපුල් දෙනෙත් මත දිළිහෙන්න ඉඩ ලදත් කඳුළු කැට අද අමතකද සඳ නැඟුණු එක රැයක මා දෙනෙත් මත එබී නුඹ සෙවූ නුඹේ රුව දුර ගොසින්  උයන් කොන නෙළු පරසතු මලද ඔය පෙර දිනක සුවඳ දුන්  මේ මල පරවෙලා වැටී අද පය මුල   කළුකරන් මුළු අහස ගිගුම් දුන් හෙන හඬට  බියවෙල සාපැටව් නිදත් අද ලඟ හිඳ උරන වී නොයාවිද උනුත් නුඹත් නැතිකල හෙට

බලන් සිරි

නිල් කඳු වැටි පෙළින්      මිදී දුහුල් වළා සෙමින්           ඇදී ඝන මීදුම් සළුව                ඉරී එබෙයි හිරුත් ලෙසින්       රිදී නාඹර හිරු කිරණ            වෙලී පිබිදී මල් පෙමින්           සැලී තවරා ගෙන සුවඳ             පොදී නළඟන යයි සෙමින්      ඇදී සීතල පිනි බිදිති                  හැලී මදහස දෙතොලඟින්         ලිහී ඇහැරි නෙත් සෙනෙහෙ   පිරී තවරයි මුව හාදු                රැලී
ගඟක් වේ නම් ගලා ගෙන යන සයුර නුඹ වෙයි නමක් නොඅසන සඳක් වේ නම් රැයේ සුපිපෙන අහස නුඹ වෙයි රැයම නොපතන මලක් වේ නම් සුවඳ විහිදෙන සුළඟ නුඹ වෙයි පාට නොසොයන මට මාව වෙන්නටම ඉඩ හැර ලෝකයම නුඹ වෙයි ආදරේ මායිමක් නොමැතිව

ගුවන් පාලම

පාට ගා                අවුරුදුත් බෝ කොළත්                 දළු ඇවිත් සිලි සිලිත්                     හඬ ඇසෙත් නෑ සිසිල් මද පවන්                  එනමුදුත් පාලමෙන් උඩ ඇවිත් කවුළුවෙන් බිම බලත් දෙනෝ දාහක් තුළ දෙනෙත් මුලා වෙයි සිත තවත්