මා පුත... Get link Facebook X Pinterest Email Other Apps - March 18, 2016 විසල් මේ ගොමු යට සෙවන අයදීමද නපුරක්ය හැමවිට... නර කෙසුත් ඇද ඇද සාදු හඬ පතුරන බොහො දනන් දැක දැක සසර තව දික් කර නොනවතින් මා පුත... Get link Facebook X Pinterest Email Other Apps Comments Tharindu ChathurangaApril 8, 2016 at 10:10 PMඅයේෂා ආයෙත් ලියමු නේ. අපුරු කවිය, ගත පොරවන් උන් මනරම් කසී සළුලබනු රිසියි තව නොපලන් දිව්‍ය සළුදසත සරයි දුගියන් ගත නැතිව සළුනිවන් මගට මොකටද බන් උතුරු සළුසිල් ඇත්තියෝ ගත දවටන් හොඳ දුහුල් සළුපෙන්නයි වහගෙන නොවැසුනු උන්ගේ හෙලුඅසරණියන් සළු උනා යහනක වෙද්දී හෙලුකවුරුත් නෑනේ පොරවන්නට උන්ට සළුඕකයි ඇත්ත තත්වේReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
පුත - September 29, 2019 ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා Read more
අයේෂා ආයෙත් ලියමු නේ. අපුරු කවිය,
ReplyDeleteගත පොරවන් උන් මනරම් කසී සළු
ලබනු රිසියි තව නොපලන් දිව්‍ය සළු
දසත සරයි දුගියන් ගත නැතිව සළු
නිවන් මගට මොකටද බන් උතුරු සළු
සිල් ඇත්තියෝ ගත දවටන් හොඳ දුහුල් සළු
පෙන්නයි වහගෙන නොවැසුනු උන්ගේ හෙලු
අසරණියන් සළු උනා යහනක වෙද්දී හෙලු
කවුරුත් නෑනේ පොරවන්නට උන්ට සළු
ඕකයි ඇත්ත තත්වේ