Posts

ගැහැණියක්...

දිදුළන කෙස් කළඹක් සුසිනිදු පැහැපත් සමක් වෙන්න පතනා රුවැති ළඳක්... කිසිදා නොවෙනස් වන ආදරයක් පතන පෙම්බර යුවතියක්... දෙමහල් නිවසක් උගත් බුද්ධිමත් දරුවෙක් යවන්නට ජාත්‍යන්තර පාසලක් සොයන මොඩ් වුනු මවක්... බිදෙන හිතක් හඬන නෙතක් සුසිදු වතක් සියල්ලට කොටුවි විදිනවද විදවනවද ගැහැණියක්...
Image
අකාසේ තරු නිවිලා සඳවතියත් සැඟවිලා අඳුරු වළා කැටි අස්සෙන් රිදී පාට ඉරි වැටිලා.... බින්දු බින්දු පොද වැටිලා රත් වුනු වැලි කැට තෙමිලා ගහ කොල මල් පිබිදිලා වැස්ස ඉතින් දැන් වැඩලා... දොස් අහලා දෙස් වැදිලා කර්කෂ වූ හද දැකලා දැවෙනා ගිනි නිවාලන්න ඇවිදින් අද නැවුම් විලස...

ඈවරයි දෑවරයි

ඈවරයි දෑවරයි තුන් ඇවරයි.... විකිනී හමාරයි ගත්තෝ තුටු වෙතී නොගත්තෝ දුක් වෙතී

හමුවුනේ වෙන්වෙන්න

වැහිලා මල් සුවඳ සුළන්  රැළි සිබිනවා... නුඹේ මතක එබී සිත ආයේමත් හඬනවා... ගෙවී ගිය අතිතයේ මිහිරි බව දැනෙනවා... හමුවුනේ වෙන්වෙන්න ඇයිද යලි සිතෙනවා ...

සුර සැප

පාට වළළු රන් මාලා විසි කරලා දෑත දෙපය ගෙන හනිකට වරෙන් නුඹ..... බේරිලා ඔය අපයෙන් මේ කටු මැටිගෙපැල සුර සැපයි තාම අපට

සියදිවි නසාගැනිම

ඇතිවෙන්න සේම නැතිවෙන්නද  යමක් මා සතු නොවන බව දැනගත් වහාම සියදිවි නසා ගැනිමෙන් මා වැළකුනි.
Go to next page(අමාවක සඳ)