සිහිනයක සිනාසෙනවා

නිල් දියට එබී
මල් කැකුළු සැලී
මුදු කොමළ
සිනා දෙනවා

හිරු කිරණ වැදී
රළ පෙළින් බිඳි
පිණි බිදිති හැලී
හද සිහිල ගලා යනවා

රැල් පවන් නැගී
හද විමන් ඇරි
නෙත් අඟින්
කැළුම් දෙනවා

හද තැවුල් නිවී
සෝ සුසුම් මැකී
දුටු රුවක වෙලී
සිහිනයක
සිනාසෙනවා

Comments

  1. ලස්සන අදහසක් අක්කේ..

    ReplyDelete
  2. හරිම ලස්සනයි නංගී. සුමුදු වදන් පෙලක් ඇති මේ කවි පෙල හරිම සුන්දරයි.

    ReplyDelete
  3. හරිම ලස්සන පද පෙලක් අයෙෂා.

    ReplyDelete

Post a Comment