පාට ගිය සමනලුනේ Get link Facebook X Pinterest Email Other Apps - June 20, 2011 අව් සැරට පිච්චිලා පාට ගිය සමනලුනේ දූවිලේ එතී එතී නුඹේ සුවඳ හමන්නේ කළු තාර පැල්ලමද ඉකි ගසා හඬන්නේ මල් වියද දහosයට දියවෙලා වැටෙන්නෙ Get link Facebook X Pinterest Email Other Apps Comments ``` Outsider```June 20, 2011 at 10:17 PMපාට ගියත් ඒ සමනලුන් ලස්සනයි පාට තියෙන හැම සමනලයෙක්ටම වැඩියෙන්. ඒක දකින්න පුඵවන් ඇස් තියෙන මිනිස්සු ඊටත් වඩා ලස්සනයි.ReplyDeleteRepliesReplyP. WijekoonJune 21, 2011 at 8:56 AMමට වගේම ඔයාටත් සමනල්ලු මතක් වෙලා වගේ. පාට ගියත් ඒත් සමනළයෙක් මලින් මලට පියාඹන.මැණික්ReplyDeleteRepliesReplyටී.බී. හේරත්June 21, 2011 at 1:35 PM"මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ..."ReplyDeleteRepliesReplyChandiJune 21, 2011 at 6:04 PMඅද තමයි නංගියේ, ඔයාගෙ අඩවියට එන්න ලැබුනේ. ලස්සන සමනළියක දකින්න අපි ආසා වගේම තටු සිඳුන සමනළියක දකින්න අකමැතියි. කොහොම උනත් උන්ගේ ලෝකයෙ සුන්දර අසුන්දර බව තේරුම් ගැනීම වටිනවා.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹ හට - July 27, 2018 නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට Read more
මල්ලි - December 03, 2010 බොල්ගොඩ ගඟේ දෙපසින් ගිය කොක්කුන්නේ මඟ වැරදිලා මO ආපසු ඇවිදින්නේ අකුරට ගියපු මල්ලි මO මුලාවේ පිට රටකට ගිහින් තනියම සිනාසේ කාසි බරට අරන් කරට නම්බු පිටට ගෙන හනිකට ඒවිද හෙට Read more
පුත - September 29, 2019 ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුනේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා Read more
පාට ගියත් ඒ සමනලුන් ලස්සනයි පාට තියෙන හැම සමනලයෙක්ටම වැඩියෙන්. ඒක දකින්න පුඵවන් ඇස් තියෙන මිනිස්සු ඊටත් වඩා ලස්සනයි.
ReplyDeleteමට වගේම ඔයාටත් සමනල්ලු මතක් වෙලා වගේ. පාට ගියත් ඒත් සමනළයෙක් මලින් මලට පියාඹන.
ReplyDeleteමැණික්
"මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ..."
ReplyDeleteඅද තමයි නංගියේ, ඔයාගෙ අඩවියට එන්න ලැබුනේ. ලස්සන සමනළියක දකින්න අපි ආසා වගේම තටු සිඳුන සමනළියක දකින්න අකමැතියි. කොහොම උනත් උන්ගේ ලෝකයෙ සුන්දර අසුන්දර බව තේරුම් ගැනීම වටිනවා.
ReplyDelete