නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට
පසුපසම හැමවිටකම
ReplyDeleteකළුපාට සෙවනැලි
රැදී තියේවි
අතැර නොගොස්
කිසිවිටක..
සිත්තම් කරන්
ReplyDeleteනෙක වර්ණ තුලින් ...
කලු සෙවැනලි...
සිත්තමක් වේයි සොදුරු..
ඒක හරි අපේ මිනිස්සු එක කාලෙට කඵ පාට සෙවණැලි පාට කරනව එක එක පාටින්. ඒත් අන්තිමට හැමදාම අඳුරු සෙවණැලි යට.
ReplyDeleteගොඩක් දේවල් වලට අදාල කරගන්න පුඵවන් කියමනක්.. ලස්සනයි.
nice one...
ReplyDeleteඅමාවකදාට කලුපාට හෙවනැල්ල විතරක් නෙමෙයි, ඔය ලස්සණ පාටත් නැතිව යාවි.
ReplyDeleteOutsider -
ReplyDeleteඅපේ මිනිස්සු එක කාලෙට කඵ පාට සෙවණැලි පාට කරනව එක එක පාටින්. ඒත් අන්තිමට හැමදාම අඳුරු සෙවණැලි යට.
මිත්‍යාදෘෂ්ටිකයා -
අමාවකදාට කලුපාට හෙවනැල්ල විතරක් නෙමෙයි, ඔය ලස්සණ පාටත් නැතිව යාවි.
-- අපූරු සිතුවිල්ලක්.. අපූරු කොමෙන්ටු දෙකකුත් --
හොද සිතුවිල්ලක්. ඒත් මම හිතන්නෙ කලු සෙවනැලි ගැන පමණක් හිතුවොත් හැම දෙයක්ම ඒකාකාරී වෙනවා. පාට වලින් ලෝකය ලස්සන කරනවා.
ReplyDeleteඅවකාශය හිස් තමයි, ඒ උනාට ඒක පුරවන්න හදන එක නවත්තලා මොකද? දවස් ගාණක් ඇවිත් ආපහු ගියා., අදත් යන්න කලින් මේක දාලා යන්නේ. පොස්ස්ට් එකක් දාන්නේ නැත්තේ ඇය් කියලා අහන්නයි.
ReplyDelete