නුවර වීදි දෙගොඩතලා

නුවර වීදි
දෙගොඩතලා
කුණු ලේ රතු
පාට වෙලා
අහක බලා යන්නට බෑ
 
පිළි ගඳට
පුරුදු වෙලා
දේව රූප
උඩු ගුවනින්
බිම වැටිලා
ඇස් අදහා ගන්නට බෑ
 
රෑ තිස්සෙට
සුනඛ රංචු
උඩු බුරලා
හඳ කැඩිලා
බිම වැටිලා
හූල්ලන්න තනියෙන් බෑ
 
තැන් තැන්වල
වැටී නටන
සෙවනැලිවල
ගෙළ සිඳලා
පණ නහලා
ඇවිත් යන්න
පමා වෙන්න තව නම් බෑ

Comments

  1. මේක නම් කොහේ හරි ලියාගන්න තරම් වටිනවා

    ReplyDelete
  2. නංගියේ හුඟ කලෙකින් බ්ලොග් රෝලෙ අප්ඩේට් වුණේ. මේක තමයි යථාර්තය. අරුත්බර පද පෙළක්. ජය පතනවා ඔයාට.

    ReplyDelete

Post a Comment