Posts

අපූරු සමනලිය

කිරි කවට මුදු සිනා දෙතොලඟින් වෑහෙනා දඟ පාන පොඩි දෙපා විඩා බර නොමවෙනා උරණ වී ලොව සමඟ ගොළු වෙලා නොතැවෙනා පුන්චි මේ සමනලිය සිත නැතුව ඉගිලෙනා මිය ගියපු අතීතය ගැන සිතා නොහඬනා හෙට උදා වෙන ලොවට හීන නෑ පුරවලා දුකට හැඬු කඳුළු කැට මොහොතකින් වියලෙනා අපූරුම පුදුමයකි නුඹ ලොවට ගෙන එනා

බලනු ලොව අසිරිය

හැපී වැව් දිය මත බිදෙයි අරැනැල්ලද... රිදී පිනි බිඳු කැට ඉහිරිලා තුරු හිස... වසා කඳු ශිඛර ගිර එතෙයි දුහුළින් වළා පට... හැර විඩා බර හිත නැවතිලා මොහොතකට බලනු ලොව අසිරිය...

ගැටීම

එක පාටින් එක මිලටම එකම කඩෙන් එක විදියටම වටින එකට ගත්තු මේ වළලු 2 එකම අතක දැම්මට පස්සේ සිලිo බිලිo ගාලා එකට ගැටුනා

කළු සෙවනැලි

නෙක වර්ණ වලින් පාට ගෑවත් මේ සෙල් රූ අතැර යාවිද  කිසි විට කළු පාට සෙවනැලි

~~~~මතක සුවඳ~~~~

මල් පෙති වල පැහැ තවරා මුව මත හසරැලි ගවසා නිදනා නෙතු මත ඇඳෙනා සිහින දිගේ එමි එතිලා කළුවර රෑ අහස පුරා දිලෙනා තරු මැදට වෙලා නුඹ මුමුනන රහස් කතා අසා සිටිමි සවන යොමා තුරුලිය මත පිනි තවරා ඒ සිහිලෙන් හද සනහා මතක සුවඳ මo ඇරලා මොහොතක් එමි ලොව නවතා

මුරුගසන් වරුෂාව

වරුෂාව වරුෂාව මුරුගසන් වරුෂාව විනාශය විනාශය අතලඟයි විනාශය කිරි වැදුනු නිල් ගොයම ගිලෙනවා වැහි දියේ බඩගිනිත් වැඩි වෙලා හඬයි පොඩි උන් පැලේ හරි හම්බ කරපු දේ සේදිලා යයි ජලේ සීත රෑ හීනෙනුත් ඉකිබිඳින හඬ ඇසේ චිරි චිරිස් මඩ වෙලා මැටි ගාපු පොඩි පැලේ රෙදි පිළිත් කිළිටි වී හිරිකිතයි ජීවිතේ දෙවියනුත් කෝප වී නොබලාවි මුව අපේ ගිලි අප මියැදෙමුද දෝරේ ගිය වැහි දියේ

........ඉවරයක් නැති සෙවීම........

මොකද්ද කරන්නේ? හොයනවා ඊයෙත් හෙව්වා නේද? ඔව් අදත් හොයනවද? ඔව් ඉතින් හෙටත් හොයනවද? කියන්න බෑ සමහර විට ඕක හම්බ  උනේ නැද්ද? තාම නෑ මොනවද ඔච්චරටම හොයන්නේ? ජි..........වි........ත........ය