කුරුමිණියෙක් ......
   කැරකි කැරකි   සිවිලිම මැද   රෑ  තිස්සෙට   කුරුමිණියෙක්    සටපට ගා ගැහුනා...   ඝන අඳුරෙම    ඇස් කරකා   මදුරු  දැලේ   සිදුරු මැදින්   හිමිහිට උඩ බැලුනා...   බිත්ති  අතර   හැප්පි හැප්පි   එලි සොයමින් ඉස්සි ඉස්සි   කෑල්ලි කැපෙන   ඝන අඳුරෙම   තනියෙන් උඹ ඇඬුවා...   එළිය මැදින්   දුර ඇවිදින්   මේ අඳුරෙම මoමුලාව   ගැහෙමින් හද මරණ බියට   උඹ එක්කම ඇඬුවා...