Sunday, September 29, 2019

පුත

ශ්වේත වළා තුරැතර ගවසා  සෙමින
මුමුනා රහස් කවි පද තුටිනේ සවන
නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින
සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ

දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ
පිපිලා සමන් මල් උදයෙම  සිනාසුන‍ේ
මදනළ සෙමින්  දුන් හාදුව කොපුල් තලේ
සළකුණු වේලා  රැව තවමත් හොඳට පෙනේ 

පාවෙන වළා යහනනේ බැස දෑස් විදා
නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා
තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා
ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා 










No comments:

Post a Comment