Monday, November 6, 2017

මේ හොඳම වේලාවය

ඇහැරෙන්න හොඳම වෙන වේලාවක
රහසින්ම කොඳුරන්න බැරිවද
නිදියන්නේ නිදිකුම්බා සේරම
සිහින්වට කෙඳිරියක් නෑසෙනා තරමට
ගැඹුරුයිද ඔය නින්ද හීනයක් නැතුවම
කොනිත්තන සිතුවිලිත් බර වැඩියි හිතුනම
සිඹින්නෑ මලක්වත් ඇහැරෙනා හින්දම
පිනි බිඳිති වැටෙන්නේ හීතලක් දැනෙන්ට
හීතලෙන් හිරිවැටී උණූහුමක් හොයන්නට
ඇහැරෙන්න නිදිකුම්බා
මේ හොඳම වේලාවය

2 comments:

  1. තව පොඩ්ඩක් ඔප මට්ටම් කරල ගත්ත නං හොදයි.

    ReplyDelete