Thursday, May 28, 2015

ළඳ..

සඳට පෙම් බැඳ
ලියා කවි පද
නුරා නෙතඟින් 
පලා ගොළු හද...
මනාලිය වී 
ශ්වේත සළු ඇඳ
දෑත් පටලා
පලා යන ළඳ...

පලා දෙකඩව
ළයේ සෙනෙහස...
වසා දුහුලින් 
නග්න පුර සඳ...
මුසා මුව ඇඳි
සිනා රැල් බිඳ...
උමතු වූ හද
මරා යන ළඳ..

Thursday, May 14, 2015

මෙය මුලාවක් බව...

සබඳ 
පවසන්න
පසක් කලේ යැයි
නුඹ මට
මෙය මුලාවක් බව.....
මලක් නොවෙමි
දැන් මම
උස ගසක් මත
සුපුෂ්පිත
මිලින වී ගොස්
බිමටම ඇද වැටුන
මලක් වෙමි දැන් මම
පෙතිද
එකිනෙක ගිලිහුන
එසේමුත්
පවසන්න
සබඳ
මෙය මුලාවක් බව...
මා දෙතොල් මත ඇදෙන
සිනාවක් 
යළි යළිත් දැකිය හැකි නම් නුඹට
මම නුඹෙන් අඩක් නොවනා බව
ඉතින්  පවසන්න 
සබඳ
මෙය මුලාවක් බව...
උමතු ස්තිර්‍ යක
හද මත
වියරුවෙන් රටා කල
ප්මයේ ගෙත්තම
උනා දමා සැනෙකින්ම
පවසන්න මට
යළි යළිත් 
මෙය මුලාවක් බව...
ගැහෙන නුඹ පපුව මත
දිගා වී පෙරදින
සුවඳ සොයමින් හිනැහුන
මා දෑස් මතටම
එබී බලමින් තව නුඹ
ඉතින් පවසන්න
මෙය මුලාවක් බව...

Thursday, May 7, 2015

සුදුම සුදු එක මලක්


දෙමලිච්චෝ
නවත්තාපන් ඉතින්
ඔය කිචි බිචිය
බලපන් අර වැටගාව
ඉද්ද පඳුරේ 
කිසිදාක නොඳුටු 
පපුව මැද්දට
දැනෙන සුවඳින්
පිපී ඇත
සුදුම සුදු
එක මලක්