Monday, March 23, 2015

එකම එක වෘක්ෂයක්


විවිධ වූ

රුක් මතින්

රිසි වූ බොහෝ සේ

අතු ඉති පමණක්ම
ගෙනවිත් සවිකරන්
විසල් බාහුවකට
තනන්ට හැකි නම්
එකම එක වෘක්ෂයක්

නෙක පැහැයෙන් වුවද
පිපේවි මල් හැමකල්

පෙම් බදිනු හැකියි
එකල්හි
බොහෝ කල්

Wednesday, March 11, 2015

සිත

පලා සත්කඩකට
පොළෝ තල ඉකිලන
වරා මල් ගුලි කර
තලාලමු අතු ඉති මත

මලානික හදවත
දුර ගොසින් විසිකර
පුරා සඳ තනියට
තරු එවමු ගෙළ සිඳ

විදා නෙත් රතු වුන
හඬා කඳුලැල් එම
වළාවක මුසුකර
තබා එමු ගොළු අහසක