Tuesday, November 25, 2014

ඉන්දියන් ලුනු

ගිනි රස්නෙට පිච්චීගෙන
මහ වැස්ස්ට කුණු වීගෙන
කරගහගෙන රෑ ජාමේට
අරන් ගියපු
ලූනු සැරට
උනපු කඳුළු 
හූරාගෙන සොච්චමකට
යවාපන් 
හංගලා
තඩිම තඩි ලුනු ගෙඩිවල
ගැහෙන රතු ලේ තවරලා



Wednesday, November 12, 2014

සැඟවීම

උදා හිරු ද 
රවා බැස ගිය පසු

කලකින් පැමිණෙන 
පුර හඳට
පෙම් බදිමින් 

තවත් සැගවෙන්නද
ගැහී ගැහී පණ අදින 
හුදෙකලා තරුවක

Tuesday, November 4, 2014

වාලෙට ගෙවෙන ජීවිත

දනව්වේ වැව් කන්ද පාමුල
ගී ගයන රැහැයියන් තාලෙට
ගෙවෙනකොට ජීවිතේ වාලෙට
චන්දරේ අපි පියාඹන්නේ කෝම අහසට

බත් පිළි ගෙනෙමි යැයි හනිකට
උදේ හිරැ උඹ අරන් යනකොට
කොට බිත්ති අත තබා වාරැවට
තොටිල්ලත් පැදවේවි තාලෙට

හාමතේ පොඩි එකි අඬනකොට දවසෙම
සිටින්නේ කොහොමදෝ වාවාන දුකහෙම
ගෙයි කුසම ශරීරේ වැහැරිලා සේරම
ලේ කිරිව නොයන්නේ අපි කරපු පවටම

සඳ වළා කඩක් විත් කඩුල්ලෙන් පැනගෙන
අඳුර ගෙට එන වෙලේ නුඹ පමාවනු කිම
සොච්චමට පිච්චියක් පිටි සිනි අරගෙන
චන්දරේ එනවාද සිත නදන් නොමකර

කිරිහැරත් උයාගෙන ගිහින් උඩමලුවට
වැද වැටුනේ සිරිමාවේ බෝ සමිඳු පාමුල
පිහිටවන් හිමියනේ රැක ගන්න ඈ පණ
හදවතත් සිදුරැ වුනේ එකිගෙම කරැමෙ