Thursday, June 28, 2012

මොහොතකට ආයේමත්

දුර ඈත ආකහේ
තරුවක්ව දිළිසෙන්න
පායලා හිනැහෙන්න
මොහොතකට ආයේමත්
ඇවිත් ළඟ නවතින්න

ඇවිත් ගිය ඉක්මනට
හද ගිහින් මහ දුර
දන්නේ නෑ නුඹ තව
රැඳුනු ඒ සෙනෙහස

දෙතොල් මත ඇඳෙන ඒ
සිනහවක් වී එන්න
විඩාබර සුසුම් පිස
සුළඟක්ව දැවටෙන්න
හිමි නොවූ වසන්තේ
මලක් වී සුපිපෙන්න
මොහොතකට ආයේමත්
ඇවිත් ළඟ නවතින්න

Thursday, June 7, 2012

බිoකුන්ඩෝ බොල බිoකුන්ඩෝ

තැවරිලා සුදුම සුදු
හිස් කඩදාසි පිටු උඩ
කළු පාට බලි රූප
නටයි ඔච්චම් කොට
තොටත් මදි මටත් මදි
කිරි හැන්ද විසි කොට
නටපු අල්ලෙන් බහිමු
බිoකුන්ඩෝ විගහට