Friday, May 25, 2012

පටාචාරා වැළපුම


සිටු මහල් ප්‍රසාද දොරකට
බoකුවක ඇන තබා
තුරුළුකර දෑත් උණුහුමට
වැළපෙන්නේය අද
පටාචාරාවක්ම ලෙස

නිවුනු දර සෑයේද
දුමත් නැත 
ගොහින් නම් හුඟ දුර
ඇසේ දෙසවන තව
මියුරු වදනින්
තෙපලු අමරස

නිළුපුල් දෙනෙත් මත
දිළිහෙන්න ඉඩ ලදත් කඳුළු කැට අද
අමතකද සඳ නැඟුණු එක රැයක
මා දෙනෙත් මත එබී
නුඹ සෙවූ නුඹේ රුව

දුර ගොසින් 
උයන් කොන
නෙළු පරසතු මලද ඔය
පෙර දිනක සුවඳ දුන්  මේ මල
පරවෙලා වැටී අද පය මුල  

කළුකරන් මුළු අහස
ගිගුම් දුන්
හෙන හඬට
 බියවෙල සාපැටව්
නිදත් අද ලඟ හිඳ
උරන වී නොයාවිද උනුත්
නුඹත් නැතිකල හෙට

Thursday, May 10, 2012

බලන් සිරි


නිල් කඳු වැටි පෙළින්      මිදී
දුහුල් වළා සෙමින්           ඇදී
ඝන මීදුම් සළුව                ඉරී
එබෙයි හිරුත් ලෙසින්       රිදී

නාඹර හිරු කිරණ            වෙලී
පිබිදී මල් පෙමින්           සැලී
තවරා ගෙන සුවඳ             පොදී
නළඟන යයි සෙමින්      ඇදී

සීතල පිනි බිදිති                  හැලී
මදහස දෙතොලඟින්         ලිහී
ඇහැරි නෙත් සෙනෙහෙ   පිරී
තවරයි මුව හාදු                රැලී