Friday, April 27, 2012


ගඟක් වේ නම් ගලා ගෙන යන
සයුර නුඹ වෙයි
නමක් නොඅසන
සඳක් වේ නම් රැයේ සුපිපෙන
අහස නුඹ වෙයි
රැයම නොපතන
මලක් වේ නම් සුවඳ විහිදෙන
සුළඟ නුඹ වෙයි
පාට නොසොයන
මට මාව වෙන්නටම ඉඩ හැර
ලෝකයම නුඹ වෙයි
ආදරේ මායිමක් නොමැතිව

Wednesday, April 18, 2012

ගුවන් පාලම


පාට ගා 
              අවුරුදුත්
බෝ කොළත් 
               දළු ඇවිත්
සිලි සිලිත්
                    හඬ ඇසෙත්
නෑ සිසිල්
මද පවන්
                 එනමුදුත්

පාලමෙන් උඩ ඇවිත්
කවුළුවෙන් බිම බලත්
දෙනෝ දාහක් තුළ දෙනෙත්
මුලා වෙයි සිත තවත්

Saturday, April 7, 2012

අකීකරු සුළඟ නුඹ...

රෑ පාට හීන වල
තවරාන මුදු සුවඳ
නිදන මල් පෙති සිඹින
අකීකරු සුළඟ නුඹ...

නිහඬ ගහ කොළ එතෙන
සෙවනැලිත් දඟ කරන
සුවඳ සුසුමන් ගෙනෙන
අකීකරු සුළඟ නුඹ...

දිලෙන තරු කැට නිවන
සඳට පාටක් ගෙනෙන
හිරුට පණිවිඩ කියන
අකීකරු සුළඟ නුඹ...

Sunday, April 1, 2012

ආදම් සහ එවා

ආදම්......
රැවටෙන්න නම් එපා
මම 
එවා නෙවෙයි
හැමදාම
මේ උයනේ
මුණ ගැහුනට