Monday, March 19, 2012

බිඳිමි ගල් ලෙන


විශල් තුරු හිස්
බිඳි වන මැද
දුවයි සාවුන්
දැනී මර  බිය
හිවල් කොටි ඒ
රුදුරුසෙන් මැද
බියෙන් හැකිළි ඉඳිනු කෙලෙසක

සිoහභාහුත් නිදයි දුක මැද
මුදු කොමළ බස් නනගනු කෙලෙසද
ලෙන් දොරෙන් පිට නොගොස් පිය තුම
රැඳෙනු නොහැකිය ගල් ලෙනේ මට

Sunday, March 11, 2012

මියැදුනු ස්වර්ණමාලියේ

රෑ පුරාම හාද වෙලා ගීත ගයනවා
කුරුළු තුඩින් පෑරී ගෙඩි බිමට හැලෙනවා
රිය සක යට තෙරපී හිඳ මුකුළු පානවා
කළු පාටින් තිබුණු පාර සුදට වැසෙනවා

අව් ගිනි රැස් පාට වැටී ගත වේලෙනවා
ඒ තුරු හිස සෙවන යටින් අපි සැනසෙනවා
දස දහසක් දෙනා ඇවිත් එතන රැදෙනවා
දේවතාවියක් ඉදගෙන සතුට බෙදනවා

තාරපාර ලොකු වෙන්නට හීන බලනවා
යකඩ යක්කු ඔච්චම්කර දෑත් පානවා
ගිමන් නිවා ගන්නට තුරු හිසට ඇදෙනවා
දේවතාවියගේ දෑසට කඳුළු උනනවා

නෑ ආයාචන කිසිවෙකු කිසිවිටක කරන්නේ
ස්වර්ණමාලියට රන් වැලි සෑ නොවෙයි බදින්නේ
සෙවනේ තිබූ යන්තර තුරු හිස සිඳලන්නේ
දේවතාවියක් ගැහි ගැහි මරනෙට යන්නේ