Thursday, September 29, 2011

අලියා සහ කුඹියා

අලි කකුලකට
පෑගෙන්න ගිය
විප්ලවකාරි
කුඹියෙක්...........

අලියාට
වෙඩි තබයි..!


අලි කුලප්පුවෙයි
කුඹි අතුරුදහන්වෙයි

Monday, September 19, 2011

විශාකා මියැදෙති

අන්ධකාරයේ වෙලී
සෙවනැලිත් ඉකිබිඳි
වසන්තේ මල්හැලී
තුරු ලියත් බැන වදී

අනෝරා වැහී වැටී
දෙපතුලුත් හිරි වැටී
දිව නොගොස් මහවැ
ටී
 හති දමයි මඟ වැටී

ඉදුනු නරකෙස් පෙනි
කැඩපතත් වියරු වී
හීනෙනුත් බිය වැදී
විශාකා මියැදෙති

Friday, September 16, 2011

ඉතින් අවසර....


පවන් රැල් වැද
සැලී මල් පෙති
හොරෙන් ඇහැරෙන වේලාවේ...
නිවී දැල්වී
දිලී තරු කැට
ගුවන විසිරුන සැඳැවේ...
වළා පට බිඳ
එබී හෙමිහිට
සඳක් හිනැහෙන වේලාවේ..
ඉතින් අවසර
යන්න පෙර මඟ
ජීවිතේ මo තලාවේ...

Monday, September 12, 2011

ජීවත් වෙන්න බිය නොවන්න

රස්සාවක් නැතිවුනාට
අතට කාසි හිඟ වුනාට
කරන්න වැඩ නැතිවුනාට
අපි බදිමු
මම රේඩියෝ අහන්නම්
ඔයා tv බලන්න
පොස්කාඩ් යවලා යවලා
ගේ ඉස්සරහා බෝඩ් ගහලා
අපි ලක්ෂයක් දිනමු

ඊට පස්සේ

බලුප් දාලා
වැලුත් ඇදලා
දේවාලයක් දාමු
ඔයා කපුවා
මට පුලුවන් මායම් දාන්න
අපි දෙන්න එකතු වෙලා
දුක විකුණමු
සල්ලි වලට

එහෙම බැරි වුනොත්

අපි පන්සලක් දාමු
චීවරයක් පොරවාගෙන
පිළිමේකුත් තනවාගෙන
කෙල්ලෝ කොල්ලෝ වශී කරමු
හදි හූනියම් කරමු
දහම්ත් modify කර
ලා
පින් කැට ටික වැඩිකරලා
සාසනේම විකුණාගෙන
අපි දෙන්නා
ජීවත් වෙමු

Wednesday, September 7, 2011