Friday, March 25, 2011

අපූරු සමනලිය

කිරි කවට මුදු සිනා
දෙතොලඟින් වෑහෙනා
දඟ පාන පොඩි දෙපා
විඩා බර නොමවෙනා
උරණ වී ලොව සමඟ
ගොළු වෙලා නොතැවෙනා
පුන්චි මේ සමනලිය
සිත නැතුව ඉගිලෙනා

මිය ගියපු අතීතය
ගැන සිතා නොහඬනා
හෙට උදා වෙන ලොවට
හීන නෑ පුරවලා
දුකට හැඬු කඳුළු කැට
මොහොතකින් වියලෙනා
අපූරුම පුදුමයකි
නුඹ ලොවට ගෙන එනා



Monday, March 21, 2011

බලනු ලොව අසිරිය

හැපී වැව් දිය මත
බිදෙයි අරැනැල්ලද...
රිදී පිනි බිඳු කැට
ඉහිරිලා තුරු හිස...
වසා කඳු ශිඛර ගිර
එතෙයි දුහුළින් වළා පට...
හැර විඩා බර හිත
නැවතිලා මොහොතකට
බලනු ලොව අසිරිය...

Wednesday, March 9, 2011

ගැටීම

එක පාටින්
එක මිලටම
එකම කඩෙන්
එක විදියටම වටින
එකට ගත්තු
මේ වළලු 2
එකම අතක දැම්මට පස්සේ
සිලිo බිලිo ගාලා
එකට ගැටුනා