Friday, January 28, 2011

........ඉවරයක් නැති සෙවීම........

මොකද්ද කරන්නේ?
හොයනවා
ඊයෙත් හෙව්වා නේද?
ඔව්
අදත් හොයනවද?
ඔව්
ඉතින් හෙටත් හොයනවද?
කියන්න බෑ සමහර විට
ඕක හම්බ  උනේ නැද්ද?
තාම නෑ
මොනවද ඔච්චරටම හොයන්නේ?
ජි..........වි........ත........ය

Wednesday, January 19, 2011

ඇස් ඇරපන් ................මෙහෙ බලපන්......................

වළවල් තඩියි
වැටුනොත් ගිලෙයි
වැහි දිය පිරෙයි
මහ මඟ හැඬෙයි

උස් බඩවල්
හිස් මොළවල්
ඇස් ඇරපන්
මෙහෙ බලපන්

Saturday, January 15, 2011

පණ අදින හිතුවිලි

අවුල් වී  file ගොඩ හැම අතේ
පුටුව මත නිදි කිරයි හාමතේ
නිවෙනවා තේ එකත් කහට බැදි කෝප්පේ
හීනෙනුත් පේනවා හඬපු හැටි කළුවරේ

දිරාගිය තාප්පේ කෙළවරේ
දිය සෙවෙල් පිරි ඇත හිතුමතේ
කළු පාට සෙවනැලිත් දිගා වී අයාලේ
පණ අදියි සිතුවිලිත් පාට ගෑ විමානේ

Friday, January 7, 2011

~විරසක සඳ~

නීල නුවන් අග්ගිස්සේ
කඳුළු බිඳක් තැවරී
සුසුම් හෙළා අමනාපෙන්
මල් මදහස පරවී
දොඩනා ඒ මිහිරි තෙපුල්
විරසක ලෙස ගොළු වී
එළිය දුන්නු පුරා සඳේ
කළු වළාවේ සැඟ වී

නෙතින් නුඹේ වැටෙන කඳුළු
හද තෙමනා හින්දා
සුසුම් වලින් බරවී හද
මා දවනා හින්දා
දෙතොල නුඹේ නිතර මැවෙන
හසඟන නැති හින්දා
සඳේ ඉතින් යලි වඩින්න
විරසක සිත හැරදා

Monday, January 3, 2011

අසුභ සුභ වේද.......?

අතීතය
හිර කර...
වර්තමානයේ
ඉකි බිඳ...
අනාගතේ
හීන මවන...
මේ හිත
වෙනස් වේවිද
පෙරලුනාට
x