Saturday, October 30, 2010

එක දවසක්

නිසළ මේ තුරුලිය 
බිදෙන අර වැව් දිය
නුඹේ ඔය නෙතු ලඟ
කලඹවයි මා හද
    නුහුරු නුපුරුදු නුඹ
    හුරුපුරුදු වී කිම
    සුවඳ සුසුමන් වල
     තැවරිලා මා වත
හොරාගෙන හෙමිහිට
නුඹ මගේ සෙනෙහස
කියනු මැන සවනට
බැස නොයන බව හිරු ලෙ

Tuesday, October 26, 2010

නිරුවත් මිනිසා
පරිනාමය
වූ
ශිෂ්ඨාචාරයේ
සියුමැළි නිය තුඩින්
ස්පර්ශය මිහිර සොයන
නිරුවත් මිනිසා

Thursday, October 21, 2010

සාදාකාලික මතක
අවුරුදු 23 ක් වෙනකම් මට මෙහෙම ජිවත් වෙන්න හුඟක් අය උපකාර කලා. මගේ අම්මා තාත්තා අය්යා ඉදලා තව හුඟක් දෙනෙක් මට ජිවත් වෙන්න උදව් කලා.ඒ හැමෝම ගැන කියන්න බැහැ.ඒත් මේ ගෙවිච්ච අවුරුදු 3 මගේ ජිවිතේ වැදගත්ම කාළේ. ඒ වගේම ගෙදරින් පිට ඉදලා ජිවිතේඉගෙන ගත්ත කාලය. මට මෙ තුන් අවුරුද්ද තුළ ජිවිතේ හුඟක් අත්වාරුවක් වු අය ගැන පොඩි සටහනක් තියන්න හිතුනා. කිසිම දැන හැඳුනුම් කමක් නැතුව ජිවිතේ අහම්බෙන් හම්බවුනු මේ ටික දෙනා මගේ මතකයේ හැමදාම ඉදියි.
                 මිතුරිය සාරන්ගා.
මේ මහා නගරේ අපි දෙන්න අහම්බෙන් මිතුරෝ උනා. එ බැඳිම මේ තරම් ශක්තිමත් වෙවි කියලා  අපි හිතුවෙ නෑ. මේ අවුරුදු 3 ඇතුළේ හැමදාම මගේ ළගින් දුක සැප බෙදා ගත්තේඇය.
            ක්‍රිෂාන් මිතුරා.
 ඔහුත් මට හමු වුනු හොඳ මිතුරෙක්. අඬනකොට හැමදාම හිනා වෙන්න කියපු ඔහු මට සහොදරයෙක් උනා.වැඩියෙන් දුක හිතුන දවසට මම ඒ දුක බෙද ගත්තේ ඔහු සමඟ.
           පින්චහේවා සර්
 ඔහු මට පියෙක් උනා. ජිවිතේ හුඟක් දේවල් කියාදුන්නා. දුක තුළින් සතුටු වෙන්න මට ඉගැන්නුවා.
         ඊළඟට මේ බොලොග් කෙරුවාව නිසා අහම්බෙන් අදුරාගන්න ලැබුණු සමීර ශාකුන්තල මිතුරා.ඔහුත් මට හුඟක් හොඳ යාළුවෙක් උනා.ම0මුළා නොවේ කිසිද ජවය මා සතු වේ කියලා මට කියා දුන්නා.
     මට හුඟක් යාළු මිත්‍රයෝ හමු උනා.එ අයත් මට උදව් උපකාර කරලා තියෙනවා. ඒත්  මේ 4 දෙනා මට විශේෂයි. මෙ අයට ස්තුතියි කියන්න විතරක් මට බෑ. ඊට වඩා හුඟක් ලොකු බැඳිමක් මගේ හිතේ මෙයාල ගැන තියෙනවා. සමහර විට අපේ මෙ බැඳිම් තාවකාලික වෙවි. මොකද  කාලයත් එක්ක ජිවිතේ ස0කිර්ණ වෙද්දි අපේ බැදිම් බිඳ වැටිලා එයාලගේ මතකෙන් මාව ඈත් වෙවි. ඒත් සදාකාලිකවම මගේ මතකේ මෙයාල ඉන්නව.ඒක මට විශ්වාසයි.ඒ හැමෝටම ජිවිතේ මම ණයගැතියි. 

Tuesday, October 19, 2010

හුරුපුරුදු ජීවිතේ
තරු දිලෙන රෑ අහස ආයේමත් බලනවා
වැට දෙවට පිපුනු මල් ආයේමත් සිබිනවා
හුරු පුරුදු වූ සුවඳ  ගම පුරා දැනෙනවා
ජිවීතේ විඳින බව යළි යළිත් හැඟෙනවා

අරුමෝසම් ඒ නගරේ
රළු බොරළු කටු ඇනී
රිදුම් දුන් පොඩි දෙපා
ශක්තිමත් වෙලා දැන් 
දිරිය හද සතු වෙලා
යන්න හැක තව දුරක්
නොවෙයි දැන් ම0 මුළා

තුන් අවුරුදුත් ගොස්
සුවඳ ඇත ගමපුරා
මුන ගැසෙන හැම  මුවක
ඇත සෙනෙහේ ගැබ් වෙලා
ඉතින් තව විදින්නෙමි
ජිවිතේ හිනැහිලා