Saturday, July 31, 2010

දනුෂ්ක මිතුරාගෙන්
කතරගමටගොස් පැතුම් පුරෝගෙන මතකයි දෙවියන් දෙස බැලුවා
නෙතක සුපිපි දුක් කඳුලැල් අරගෙන දෙවියන් පහනට වත් කරලා
කොනක එදා හදපතුළේ රිදුම් දෙන අහිමි සෙනේ කැන් සිහිකරලා
දෑත නළලේ බැඳ කෙලෙස වදින්නද ගලන කඳුළු කැට පිස දමලා

වැහිදිය වැටුන ගන් ඇළ දොළ නපුරු වෙලා
යායට පිපුනු අන්දර මල් මිලින වෙලා
පන්හිඳ නුඹට කවියට පස මිතුරු වෙලා
සුන්දර කියපු ලෝකය අද එරෙහි වෙලා

දුක් කම්කටොළු දුරු කර හෙට හිනැහෙන්න
හිරු සඳ ඒතී ලොවසතුටින් ඉපිලෙන්න
මෙ ජිවිතෙන් ගැළවිමට ඔබ දන්න
කියන්න මඟක් මට මිතුරිය මියදෙන්න

තනිකම් පිරි ජිවිතයේ දුටු සිහිනය බොද වෙනවා
නොකා නොබී පැතුව පැතුම් ඇස අද්දර වැනසෙනවා
සසර කරපු පවු පල දී මෙ ලොවම විඳවනවා
අහිමි සතුට සිහිකරමින් කඳුළු බි බී වැළ පෙනවා

මේ යාළුවා මේ කවි දකින් නැතිවෙයි. එත් ඒ කවි විදින මම වගේම මෙ කවි බලන හැමෝමත් එයාගේ හිතේ විඳවන දුක නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.ඒයා ජිවිතේ හුඟක් විඳවන කෙනෙක්. අපි කාටවත් ඒ දුක ගන්න බෑ. එයා තනිවම විඳවනවා.මම හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාගේ සතුට.
දරාගෙන හද තුළ
නුඹේ ඔය සෙනෙහස
සෙවනැල්ල සේ ඇවිත්
දැවටිලා නුඹ ලඟ
අත නොහැර කිසි දිනෙක
හිදිනවා සත්තයි....
ලොවම මට කිවත්
යන්න නුඹ අතහැර
මිය යන තුරාවට
නොයෙමි නුඹ අත හැර

Friday, July 30, 2010

ගස
මල
සල් ගස යට
අමර නැත
ගස යට වටුනු
සල් මල් ඇහිදින්න...
අමරයි
කමලුයි
එකතුවෙලා
සෙල්ලම් කඩ දන්න
දැන් නෑ වෙලා...
"ජම්බු ජම්බු
රතු පාටයි
ඉදුනු ජම්බු
රතු පාටයි"
ඉස්සර වගෙ කවි කියන්න
චමරිට
නයනට
දැන් නෑ වෙලා...
කොටුවෙලා
හිරවෙලා
ඔක්කොම
ටියුෂන් කඩ ඇතුලේ...

Thursday, July 29, 2010

පිපී මුව මත
සීනා මල් මිට
නුඹේ නෙතඟින්
ගලා යනවිට...
සෙනේ දිය පොද
වැටී ඒ මත
හදේ සක්මන්
කලා නුඹේ රුව...

Wednesday, July 28, 2010

ඊයේ එහෙ මෙහේ අවුස්සද්දි මම ලියපු පරන පොතක් හම්බවුනා. ඒ පොතේ මම ලියලා තියෙන්නේ මම ඒ කලේ කියවපු පොත් වලින් උපුටාගත්ත දේවලුයි, ඒ ගැන මට හිතුන දේවලුයි තමයි. මම හිතුවා ඒ උපුටා ගැනීම් ටිකක් බොලොග් එකට දාන්න. කියවලා බලලා තමන්ගේ ජීවිතෙට ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් ගන්න.සමහර විට මෙ පොත් කියවලත් ඇති. මෙවා මතකද කියලා බලන්නකෝ....



තැවුල් සිත:


කොහේහරි දූපතක තිබිලා කෙනෙකුට ඔරලෝසුවක් හම්බවුනා කියලා හිතන්න.මේ ඔරලෝසුව කවුරුත් හදපු එකක් නෙවෙයි. එහෙම නැත්තම් ඉබේ පරිනාමය වෙච්ච එකක් කියලා කවුරුහරි කියනවනම් ඒ මිනිහා පිස්සෙක් කියලයි සළකන්නේ.ඒ වුනාට නවින විද්‍යාවට අනුව විශ්වය පරිනාමය වෙලා තියෙන්නේ. ඒ විදියට එතකොට විශ්වය කියන්නේ ඔරලෝසුවට වඩා සරළ දෙයක්ද?

සිඳුනු තටු:


ප්‍රේමය පහළ වීමට දිගු ඇසුරක් සමීප සම්බන්ධතාවයක් අවශ්‍යය යැයි සිතිම මුළාවකි. එය පහළ වන්නේ ක්ෂණ මාත්‍ර වූ යම් මොහොතකය. අධ්‍යායාත්මයෙන් අන්‍යෙන්‍යය වශයෙන් හඳුනා ගනිත් ද ඒ මොහොතෙහි පහළ වන ප්‍රමෝදය කෙරෙන් ප්‍රේමය පහළ වේ.ඒ විනා කෙතරම් වසර ගණනාවක් හෝ පරම්පරා ගණනාවක් ඇසුරු කළත් සැබෑ  ප්‍රේමය පහළ නොවේ.

අපූගේ ලෝකය:


මේ දිනවල මට සිතෙන්නේ අත්දැකිම් ,බලාපොරොත්තු ,කල්පනා, සිහින යන මේ සියල්ලම එකතු වී ජීවිතය ගොඩ නැඟෙන බවයි. මට දැන් සිතෙන්නේ දුක,සැප යනදෙකම අපුරු දේ බවයි.ජීවිතය බොහෝ අද්භූත විචිත්‍ර දෙයකි. ඉතා පහත් වූ ද, හීන වූ ද ,ඒකාකාරී වූ ද, ජීවිත ගත කරන අය ජීවිතයේ එම විචිත්‍රතාව භුක්ති විදිති.මෙවැන්නක් මා මෙතෙක් විශ්වාස කළේ නැත.මා සිතා සිටියේ කොහේ හෝ ඇවිදින්නට ලැබුනොත් ජීවිතය සාර්ථක වන බවයි.එය එසේ නොවන බව දැන් මට වැටහේ. දුක , සැප , බලාපොරොත්තු,ඒවා කඩ වීම් ආදියෙන් ආත්මයට කෙතරම් විචිත්‍ර වූ මිළ කල නොහැකි වූ ද අද්දැකිම් ගෙන දේද?


කිසිම දෙයකින් පුදුමයට පත් නොවෙන්නා කිසිවකට වසඟ නොවන්නා ප්‍රාණයක් නොමැති කෙනෙක් යැයි මට හැඟේ. ජීවිතය ගත කිරීම එක කලාවකි.දවසකට සුළු වේලාවක් හෝ නිහඬව තනිව හිඳ කල්පනා කළ යුතුයි. සුළු දේවල් වලින් පවා සතුටක් ලැබිය යුතුයි. වත්පොහොසත්කම්, සමජීය තත්වය යනු නොවැදගත් දේවල් වේ.
අමාවකට නුඹ බලන්න
සඳවතියේ මම ආවා
සිත් අහසේ සැඩ කළුවට බිය වී
මම ඉකි ගැසුවා
නුඹේ මතකය සිහිකරන්න
එවා තිබුණු තරුකැට ටික
අතුරාලා වළා අතර
උන්නෙමි මම හුදෙකලාව
දෑස් පියා
සවන් යොමා
රැහැයි ගීත මා ඇසුවා
ගත සතපා
නෙත නොනිදා
නුඹ බලන්න මම සිටියා
කොපුල් මතින් රූරා යන
කඳුළු බින්දු පිසදාන්න...
නිදා වැටෙන මල් කුමරියෝ
සිනාවකින් පුබුදුවන්න...
වල්මත් වුනු සිත් අහසේ
ඝන කළුවර දුරුකරන්න...
පෝය දාට නොවෙයි අදම
මගේ අහසට නුඹ වඩින්න...

Tuesday, July 27, 2010

නුඹේ නෙත් තුළ
වේලී මා හද
සොයයි සෙනෙහස
උමතු වූ ලෙස
                                               රැයෙහි පායා
                                                     දිළෙන සඳ ලෙස
                                                 මහද ගැබ තුළ
                                               අඳුර දුරු විය
ඉරක් සේ නොදවන
මලක් සේ නොමියෙන
කවක් සේ නොලියෙන
සෙනෙහස නුඹේ පුදුමය
වී නපුරු
මේ රුහිරු
බිම ඉහිරු
නුඹ කවුරු

Monday, July 26, 2010

විකසිත කුසුමක රැඳි නුඹ සුවඳකි
කළුවර අහසේ දිදුළන තරුවකි
පන්හිඳ තුඩඟින් ලියවුනු කවියකි
හතවත පතුලේ රැඳ වුනු වදනකි


පුර පෝදා හඳ දුටු විට අහසේ
නුඹේ මුව මතකෙට ආවයි රහසේ
සඳ රැස් වැටිලා තුරුලිය අස්සේ
මතකද තෙමුනා පිනිකැට වැස්සේ

Saturday, July 24, 2010

සඳ කොමළිය හින් සැරේ වළා යටින් එබුනා

නිල් තරු කැට අහස පුරා රටාවකට දිලුනා
කොඳ මල් මදහාස නගා විකසිත වී බැලුවා
ආදරයෙන් මුලු ලෝකය වට කොට මා සිටියා


නෙත දොවලා කඳුළු බින්දු පිනි කැට වී වැටුනා
නළඟන විත් හෙමින් සැරේ සිහිල දෙමින් එතුනා
ගහ කොල වැල් නිහඬ වෙලා තනියට ළඟ හිටියා
උනුහුම් ඔය ළය මඩලේ සෙනෙහස මට දැනුනා


මල් මඳහස දෙතොල් පුරා හීන් සැරේ ඇදුනා
දෙනෙතේ ඔය ලියවුන කවි පද සේරම පෙනුනා
වස්සනේ සිහින කුසුම් සොඳුරු වෙලා පිපුනා
හදවත තුල සෙනෙහස ගඟ දෙගොඩ තලා ගැලුවා

Friday, July 23, 2010

Go to next page(අමාවක සඳ)
නුඹ මගෙන්
ණයට ඉල්ලාගත්
හිනාව
ඇයි තාම ගෙනැත් දුන් නැත්තේ....
මම අසරණවෙලා
ඇත්තමයි
දකින දකින හැමෝම
මගෙන් අහන්නේ ඒ ගැනමයි
ඉතින් මට කට ඇරල කිවුවැහැකිද
මම ඒක ණයට දුන්නා කියලා
මම ගිණි පොළි කරයෙක් නෙවෙයි
ඇත්තමයි
ඒත් මම ඉල්ලනවා වැල් පොළියක්
මගේ හිනාව ආපහු දෙනකොට
නුඹ ගෙනැත් දෙන්න කියලා

Thursday, July 22, 2010

වැටිලා පරවෙලා සුවඳ මල් සේරම
බොදවෙලා ඇත්තමයි දුටු හීන ඔක්කොම
යන්න බෑ තව දුරක් බර වැඩියි මේ හැම
මියෙන්නට හිතෙනවා ඉවතලා සේරම....

නැතිවෙලා මා ගැනත් තිබු අයිති ඔක්කොම
කොටුවෙලා හිරවෙලා ජීවිතය ඇතුලට
නෑ සියන් හිතවතුන් හැර ඇවිත් සේරම
විඳවා විඳවා විඳියි ජීවිතේ සෙල්ලම....
හුස්ම යන්න දැන්



ඇයි ප්‍රමාද???



ඇති ජීවත් උනා



උහුලන්න බෑ



ඇත්තමයි....



මේ ජීවිතේ බර

Tuesday, July 20, 2010

නිහඬ ගහ කොල
සුසුම් හෙලුවා
වියරු වි මහ සුළඟ හැමුවා
සුවඳ මල් පෙති පරව වැටුනා
ලොවම සැනෙකින්
අඳුරේ ගිලුනා

සුමුදු සුරතල් වදන් ගොළු විය
අදින් පසු යළි හෙටක් නැති විය
හද තුලින් ඉකි බිඳුම් මතු විය
ජීවිතේ අනියත පසක් විය
ගාන්නේ මොන සබන්ද?
බොන්න දෙන්නේ මොන කිරි පිටිද?
දාන්නේ මොන ගිණුමක්ද?
ප්‍රශ්න වැළක්
මහා අවුලක්
ඉපදෙන්න ඉන්න
මගේ රන් කැටියා ගැන

Monday, July 19, 2010

සමනළ තටු පිසදාලා
දෑඟිලිවල පැහැ තවරා
ඒ පැහැයෙන් දෙතොල පුරා
හීන් හිනා මතු කරලා.....
සඳ එළියේ ගත නහවා
පිනි කැට ගෙන නෙත් දොවලා
ඒ සිහිලෙන් හද පුරවා
සෙනෙහස දී මත් කරලා...
හද කුටියේ නතර වෙලා
නුඹේ උකුලේ මුහුන හොවා
මගේ කඳුලින් දුක නිවලා
ඉන්නම් නුඹ ළඟට වෙලා...

Friday, July 16, 2010

හුරැ නැතුවට කඳුළු බින්දු
දෑස් අගින් වැටුනා...
සඳ තරු මල් මිලින වෙලා
අඳුර ඇවිත් එබුනා...
පෙර දින අප හමුවූ තැන්
නුපුරැදු වී දැනුනා ...

ආ ගිය මoමතක තුළින් 
විරහි හිත හැඬුවා...


පන්හිඳ තුඩ
ලියවුනු කවි
පද සේරම මැකුනා...
බොඳවුන ඒ හීතුළින්
 මට තනිකම දැනුනා...
මිරිඟුවකට රැවටි කිම
 ගියෙදෝ ඇයි සිතුනා...
යළි කිසිදා නොයෙනා බව
 දැන දැන සිත හැඬුවා...
හීනි උනාට ඒ ගල් කැට
රත් වෙලා මහ පොළව
පෑගුනොත්...
රිදුම් දෙයි නුඹේ දෙපතුල්
පරිස්සමට අඩිය තියාපන්
මේ සෙයිලමේ....

Wednesday, July 14, 2010


අරැමෝසම් මේ නගරේ
මo මුළාව තනි වුනාද..
ආ මඟ දුර වැඩි හින්දා
පා යුග පොඩි රිදෙනවද..
හිස් අහසට
මහ සයුරට
බිය වී නුඹ හඬනවාද...
පුoචි නඟේ
ජිවිතයේ
ලස්සන
නුඹ සොයනවාද..

 
නෙක පැහැ ගෙන
සුවඳ කුසුම්
හැමදාමත්
සුපිපුනාට....

දිළිහි දිළිහි
රෑ අහසේ
තරු කැට ඒ
හිනැහුනාට...

හින මවා
හැම දාමත්
හිත තනියෙන්
වැළපුනට....

නුඹ නොයෙනා
බව සත්තයි
සෙනෙහස මා
ඉල්ලුවාට....







Sunday, July 11, 2010

මලට හොරා
මල නොතලා
පැණි බිවේ
සමනළයා...
ඒ මල
මල බව දැකලා
පෙති ගලවා
සුවඳ පෙරා
මිළ කෙරුවෙ
වණ බඹරා...